GrabDuck

මට තේරෙන ෆොරෙක්ස්

:

මට තේරෙන ෆොරෙක්ස්

     scalper, inter-day, swing , position කියන හතර විදියටම trade කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?

මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා

   මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.

What is Forex

   ෆොරෙක්ස් කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මම ෆොරෙක්ස් වලට එනකොට හිතුවෙ මේකට වැඩිය කඩ්ඩ ඕනෙ නෑ කියලා. ඒත් වලට බැස්සම තම්යි මේකෙ ගැබුර තේරුනේ.

   Forex කියන වචනය හැදිල තියෙන්නෙ Foreigian සහ Exchange කියන පද දෙක එකතු වෙලා සරල තේරුම විදේශ මුදල් හුවමාරුව. මේකෙදි කරන්නේ යම් මුදල් කාන්ඩයක් තවත් මුදල් කාන්ඩයකට හුවමාරු කිරීම.

Brokers

   මුලදී ලෝකයේ බලවතුන් ට විතරයි ෆොරෙක්ස් මාර්කට් එකේ ආධිපත්ය පැවරුනේ එත් පසුකාලීනව පුද්ගලික අංශයටත් ට්‍රේඩ් කරන්න ඉඩ ලැබුනා. ඒ හේතුවෙන් තමයි බ්‍රෝකර්ලා බිහිවුනේ. අපි වගේ පොඩි මිනිස්සුන්ටත් ෆොරෙක්ස් මාර්කට් එකට යන්න පුලුවන් උනෙ මේ බ්‍රොකර්ල නිසා තමයි. එහෙම බ්‍රෝකර්ලා යටතේ ට්‍රේඩ් කරනකොට බ්‍රෝකර්ලා අඳුනගැනීමත් හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරා ගැනීමත් ගොඩක් වැදගත්.

හොඳයි කියලා ලේසියෙන්ම කියන්න පුලුවන් True ECN බ්‍රෝකර්ලා විතරයි. අනික ෆික්ස් ස්ප්‍රේඩ් එකක් තියෙන Account Type  එකක් තෝරගන්න ඕනේ. නැත්තම් ඉතින් ඔලුව අවුල් වෙනවා ගින්නක් නැතුවම

   

අපි දන්නවා ලෝකයේ පිලිගත් මුදල් ඒකක තියෙනවා.

USD

EURO

JPY

AUD

NZD

CAD

CHF

GBP

මේ වගේ මුදල් හුවමාරු කරන තැන Forex Market කියලා හඳුන්වනවා

මුදල් ඒකක දෙකක් එකතු වුනාම ඒක Currency Pair එකක් කියලා හඳුන්වනවා

ලෝකයේ වැඩියෙන්ම හුවමාරු වෙන මුදල් කාන්ඩ කිහිපයක් තියෙනවා. ඒවා Major Currency pairs කියලා හඳුන්වනවා.

euro/usd

usd/jpy

usd/chf

gbp/usd

aud/usd

මීට අමතරව හුවමාරු වෙන Pairs වලට Minnor Currency Pairs කියලා හඳුන්වනවා.

euro/aud

gbp/aud

aud/jpy

cad/jpy

aud/nzd

gbp/aud

gbp/nzd

මේ තියෙන්නේ කිහිපයක්.

Buy and Sell

  Market එක උඩ පැත්තට ට්‍රේඩ් කරනකොට බයි කරනවා කියලත් පහල පැත්තට යනකොට සෙල් කරනවා කියලත් හඳුන්වනවා.

 ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/usd සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව usd මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ usd එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.

Pips

ෆොරෙක්ස් මාර්කට් එකේ අපි අඩු කාලෙදි මුදල් කාන්ඩයක් මිලදී ගෙන වැඩි වුනාම විකුනන එක තමයි කරන්නේ ඉතින් මේක අඩු වැඩි විදියට මනින්න යොදාගන්නේ  පිප්ස් කියන ඒකකය තමයි. උදාහරනයක් කිව්වොත් euro/usd 1.5000 සිට 1.5010 උඩට ගියොත් පිප්ස් 10ක් බයි වුනා කියනවා. අගට එන අංක 4කින් අන්තිම ඉලක්කම තමයි පිප්ස් ගනින්න යොදාගන්නේ. සමහර බ්‍රෝකර්ලා එයාලගේ ප්ලැට්ෆොර්ම් එකේ පිප්ස් ගාන ඉලක්කම් 5කින් යොදාගන්නවා. මේවා පොයින්ට්ස් එහෙමත් නැත්තම් පිප්ටීස් කියලා හඳුන්වනවා. පොයින්ට්ස් 10කින් පිප්ස් 1ක් නිරූපනය වෙනවා.

Lots

අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට LKR USD EURO වගේ ඒකකයකින් තමයි මිලදී ගන්නේ. ඉතින් ෆොරෙක්ස් මාර්කට් එකේ Currency Pair එකක් මිලදී ගන්නේ ලොට්ස් වලින්. $1 එකක් stranded lots කියලා හඳුන්වනවා. . 0.1 මිනි ලොට් ලෙසත් 0.01 ම්යික්‍රෝ ලොට්ස් සහ cent account වල 0.01 (0.001 stranded lots) නැනෝ ලොට් කියලා හඳුන්වනවා.

4 Type of Traders

ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ලා කොටස් 4කට බෙදන්න පුලුවන්. ඔයත් අනිවාර්යෙන් මේ එක කොටසකට අයිති වෙනවා.

Scalper

interday trader

swing trader

position trader

Scalper Trader

ට්‍රේඩ් එකකින් පොඩි කාලයක් ඇතුලත පොඩි පිප්ස් ගනනක් අරන් ට්‍රේඩ් එකෙන් අයින් වෙන අය මේ නමින් හඳුන්වනවා.

Interday Trader

දාන ට්‍රේඩ් එක දවසක් ඇතුලත ක්ලෝස් කරලා ඒ දවසේ ප්‍රොෆිට් එකෙන් සෑහීමකට පත් වෙන කොටස තමයි මේ. Scapler ට්‍රෙඩර් ට වඩා ටිකක් ලොකු පිප්ස් ගානක් ට්‍රේඩ් එකකින් මෙයාල ටාර්ගට් කරනවා.

Swing trader

මාර්කට් එකේ තියෙන රී ට්‍රේස්මන්ට් එහෙමත් නැත්තම් කෙටි හැරවුම් ඉලක්ක කරලා ට්‍රේඩ් කරන අය මේ කොටසට අයත්. මෙයාල සාමාන්යෙන් දින දෙකක් සිට සති දෙකක් වුනත් ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්නවා. මුලින් කියපු දෙගොල්ලන්ටම වඩා ලොකු ප්‍රොෆිට් එකක් මෙයාල ට්‍රේඩ් එකකින් ටාර්ගට් කරනවා.

 Position Trader

මෙයාලා තමයි ට්‍රේඩ් එකක් වැඩිම කාලයක් අල්ලන් ඉන්නේ මාර්කට් එකේ යටම අඩියක ඉඳන් ඉහලටම එනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවා. අල්ලන් ඉන්න කාලය ගැන කියන්න වදන් නෑ. මාසයක් හෝ ඊට වැඩි කාලයක් උනත් ඉන්නවා.

ෆොරෙක්ස් මාර්කට් එකේ අපි අඩු කාලෙදි මුදල් කාන්ඩයක් මිලදී ගෙන වැඩි වුනාම විකුනන එක තමයි කරන්නේ. (ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)

සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  

* මිල අඩු වෙන්න ඕනෙ .

* ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trendlines channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.

ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar  එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි.

ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.

* fundamental analysis

* sentiment analysis

* technical analysis

chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.

ඉස්සෙල්ලම කියන්න දෙයක් තියෙනවා. Fundamental trading එකයි news trading එකයි කියන්නේ දෙකක්. news එකක් තියෙන වෙලාවට කරන්නේ news trading වගේම නිව්ස් වල බලපෑම එක මත trade කරන එකට කියන්නෙ fundamental trading කියලා

News වෙලාවට ට්‍රේඩ් කරන්න ට්‍රයි කරමුද?

    මෙන්න පොඩි ආතල් වැඩක්.  කතන්දරේ මේකයි. NFP. FOMC වගෙ ලොකු නිව්ස් තියෙන වෙලාවට මාර්කට් එකේ ට්‍රේඩ් කරන්න system එකක් කියලා දෙන්න තමයි මේ හදන්නේ. මේකෙ logic එකකුත් තියෙනවා. Buyer la සහ seller la මාර්කට් එකට එන සහ එයාලගෙ ට්‍රේඩ් ක්ලොස් කිරීම සහ නැවත ආරම්භ කිරීම තමයි මෙතනදි වෙන්නේ.

    මෙහෙම කරමු. නිව්ස් තියෙන වෙලාවක් සෙට් කරගන්න. නිව්ස් එක එන්න විනාඩි 10 කට විතර කලින් ලෑස්ති වෙන්න ඕනෙ. ඉස්සෙල්ලම බලන්න නිව්ස් එක එන currency  එකත් එක්ක යන strongest  සහ weakest currency මොනවද කියලා.

ඊට පස්සේ ඒ strongest and weakest දෙක තියෙන චාර්ට් දෙක විතරක් mt4 එකේ තියාගන්න. ඒ වගේම ඒ දෙකේ පොඩි time frame එකකින් (මිනිත්තු 15 වගේ) support and resistance ඇඳගන්න

     අපි දන්නවා බයර්ලා වගේම සෙලර්ලා තමන්ගේ ට්‍රේඩ්ස් ක්ලොස් කරන්නේ support and resistance වලදි කියලා. නිව්ස් වෙලාවටත් මෙකෙ වෙනසක් වෙන්නේ නැ හැබැයි ටිකක් ඉක්මනට වෙනවා. ඒ වගේම ඒ වෙලාවට බ්‍රොකර්ලත් ගේමක් ගහනවා. ස්ප්‍රේඩ් එක වැඩි කරනවා , take profit  ලෙවෙල්ස් වල මාර්කෙට් එක touch කරත් ට්‍රේඩ් ක්ලොස් කරන්නේ නැ වගෙ දේවල්.

 

මේකයි කරන්න තියෙන්නේ. එන නිව්ස් එක strong නම් ඒ වෙලාවට තියෙන ඔයාල තෝරගත්තු weak ම currency එකත් එක්ක තියෙන  currency pair එකේ ට්‍රේඩ් එකක් දාන්න.

නිව්ස් weak නම් ඒ වෙලාවට තියෙන,ඔයාල තෝරගත්තු strong ම currency pairඑක අරගෙන trade කරන්න.

Trialling stop ekak එකක් දාගන්නවනම් ගොඩක් වටිනවා. ඒ වගේම නිව්ස් එකත් එක්ක ගන්න ඕන පිප්ස් ගාන මන් පස්සේ කියන්නම්

 (නිව්ස් එන වෙලාවෙ තිබුන ලෙවෙල් එකට වඩා මාර්කට් එක පහල හෝ ඉහල support or resistance ලෙවෙල් එකකින් තම්යි start එක ගන්නේ.)

  EX:  ඒ කියන්නේ USD නිව්ස් strong නම් euro/usd down වෙන්න කලින් පොඩ්ඩක් up වෙනවා

                             USD නිව්ස් weak නම් euro/usd up වෙන්න කලින් පොඩ්ඩක් down වෙනවා

 

.

Fundamental Analysis

     Forex මාර්කෙට් එකෙ සිල්ලර වෙලෙන්දො විදියට ඉන්න අපි, රටකට අදාල් මුදල් මිලදී ගන්නකොට ඒ රටේ ආර්තිකය අඩු අගයක තියෙනවාද බලන්න ඕනේ. ඒ වගේම ඒ එකට ඉල්ලුමක් එන දේවල් ගැන අවදානයෙන් ඉන්න ඕනේ.

මේවා බලන්නත් රටවල් වලටම ජාත්‍ය්න්තරව සම්මත උන indicators වගයක් තියෙනවා. මේවා Economic Indicators ලෙස හඳුන්වනවා.

මේ තියෙන්නේ ඒ ඉන්ඩිකේටර් ටික.

  • Production
  • Geopolitical
  • Employment
  • Growth
  • Inflation

Production.

මේකෙන් කරන්නේ රටක කෙරෙන නිශ්පාදන පිලිබඳ දත්ත බැලීමයි. ඒ කියන්නේ ඒ රටේ නිශ්පාදන කෙරෙනවද නැද්ද කෙරෙනවනම් කොච්චරක් කෙරෙනවද කියන එක තමයි මේකෙන් බලන්නේ.

Ex: PMI

       Philly Fed index

මේ කියන PMI , Philly Fed index දෙකෙන් Central Bank එක සොයා බලනවා GDP එක මොනවගේ වෙයිද කියලා.

Geopolitical

මේවා ගැන තමයි ගොඩක්ම අවදානයෙන් ඉන්න වෙන්නේ. මේකෙන් මාර්කට් එකට එන බයර්ලාගේ ලොකු වෙනසක් ඕනම වෙලාවක වෙන්න පුලුවන්. මේක Non Economic Indicator එකක්. උදාහරණයන් විදියට රජයේ වෙනස්කම් යුධමය තත්වයන් හඳුන්වන්න පුලුවන්.

Employment

Non Farm Payroll, Jobless Claims, employment rate කියන දේවල් මේ කොටසට අයිති වෙනවා. යම් කිසි රටක රැකියා වල තත්වයන් තමයි මේ කොටසට අයිති වෙන්නේ. රැකියා ව්යුක්තියක් තියෙනවනම් ඒ රටට ආයෝජකයෝ එන්නේ අඩුවෙන්. ඒ වගේම රැකියා තිබුනත් ඒ වලින් හොඳ ආදායම් එන්නේ නැති වුනත් එහෙම්ම තමයි.

  • jobless claims (වැඩි වෙනකොට ආර්තිකය weak වෙනවා)
  • Payrolls  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා

Growth

GDP (Gross Domestic Product) කියන හැම මාස 3කටම සැරයක් නිකුත් වෙන නිව්ස් එකෙන් තමයි ඒ රටේ පිබිදීම මනින්නේ.

Inflation

මේකෙන් කියවෙන්නේ යම් කිසි රටක භාන්ඩ හා සේවා එහා මෙහා යෑම. CPI (Consumer Price Index) කියන්නේ Inflation ඉන්ඩිකේටර් එකක්.

Non Farm Payroll නිව්ස් එක ගැන පොඩ්ඩක් බලමුද?

NFP Non Farm Payrooll

 NFP කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩර්ස්ලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිව්ස් එකක්. මේ නිව්ස් එකෙන් කියන්නේ කොච්චර ජොබ්ස් ප්‍රමණයක් ඒ රටේ ඇතිකරලා තියෙනවද කියලා හැම මාසෙම පලමු වෙනි සිකුරාදා තමයි මේක රිලීස් වෙන්නේ. ඉකොනොමික් කැලැන්ඩරේ බැලුවොත් නිකුත් වෙන වෙලාව බලාගන්න පුලුවන්.

මේක අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් වල කොරලේශන් කොටසට. මේ වගේ තව ටිකක් තියෙනවා හිමිහිට දෙන්නම්.

එහෙනම් මේ මගුලත් අනල්යිසිස් කරන්න ට්‍රයි එකක් දෙමු.

NFP නිව්ස් එක Analysis කිරීම සඳහා අපට ඕනෙ වෙනවා තවත් නිව්ස් 3ක්

  • ISM manufacturing PMI
  • ADP Jobs report
  • Unemployment claims

ISM manufactureing PMI

.

ISM manufacturing PMI (Purchasing manufacturing index) නිව්ස් එකෙන් ලොකු බලපැමක් වෙනවා nfp එකට මේක ඉතාම වැදගත් නිව්ස් එකක්.

ADP jobs report.

 මේකෙන් කියන්නේ පුද්ගලික අංශයෙන් කොච්චර විතර ජොබ්ස් ප්‍රමානයක් දීලා තියෙනවද කියලා. මේ නිව්ස් එක 160k ට වැඩිනම් Non farm payrool නිව්ස් එක පොසිටිව් විදියට එන්න තියෙන ඉඩ වැඩියි

Unemployment claims

 මේක සතිපතා එන නිව්ස් එකක් සති 4ක් එක දිගට මේ නිව්ස් එක පොසිටිව් විදියට ආවොත් අපිට නිගමනය කරන්න පුලුවන් NFP එක පොසිටිව් වෙයි කියලා.

How to analysis Unemployment rate

මේ 2න් අදහසක් ගන්න පුලුවන්. Unemployment rate එක මොනවගේ වෙයිද කියලා

challenger job cut report. මේක පොඩි නිව්ස් එකක් ඒත් එකෙනුත් Unemployment rate එකට බලපෑමක් කරනවා.

Personal spending, හොඳයි නම් එක පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. Personal spending වැඩි නම් ආර්තිකයට බලපෑම් කරන්න පුලුවන් ඉඩ වැඩියි. මොකද මිනිස්සු බිස්නස් වලට වැඩියෙන් වියදම් කරනවනම් ඒ මොකක් හරි යටි අරමුණක් නිසා තමයි.

මේ දෙක එකතු කරල unemployment rate එක ගැන දල අදහසක් ගන්න පුලුවන්. මොකද unemployment rate එක NFP එකට බලපාන නිසා.

ISM manufacturing PMI. , ADP Jobs Report, unemployment claims 3 ම හොඳනම් අපි ඇනලයිසිස් කරන NFP පට්ට ස්ට්‍රොන්ග් වෙයි කියලා හිතන්න පුලුවන්.

  • Average hourly earning  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

2  Rate of inflation (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

3  GDP goods domestic product (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

GDP Gross domestic Product

     GDP කියන්නේ යම් කිසි කාලයක් ඇතුලත යම් රටක භාන්ඩ සහ සේවා වල වටිනාකම නිකුත් කරන නිව්ස් එකක්. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් මේකෙන් කෙරෙන්නේ නිශ්පාදන තත්වයන් කොහොමද කියලා බලන එක. GDP Strong නම් නිශ්පාදනයන් ඉහල යනවා. ඒ වගේම Weak නම් ඒ කාලෙට එන්නේ නිශ්පාදනයන් දුර්වල වෙලා කියලා තමයි. මේක lagging indicators කියන කොටසට අයත්. මොකද මේකෙන් කියවෙන්නේ පහුගිය කාලය තුල ඒ ඒ රටවල් තුල සිදුවුන නිශ්පාදන වෙනස් වීම් තමයි. මේක නිකුත් වෙන්නේ මාස 3කට සැරයක්. ඒත් වසරකට වරකුත් මේ නිව්ස් එක නිකුත් වෙනවා ජනවාරි මාසයේ. ජනවාරි මාසයේ මාර්කට එක පොඩ්ඩක් අවුල් වගේ එහා මෙහා යනවා ඔයාල දැකලා ඇති. එහෙම වෙන්නේ වාර්ශිකව නිකුත් වෙන මේ වගේ නිව්ස් නිසා මාර්කට එකට බ්යර්ලා හා සෙලර්ලා එන විදිය වේගයෙන් වෙනස් වෙන නිසා.

How To Analysis Gross Domestic Product

GDP positive නම් ඒ රටේ ආර්තිකය ශක්තිමත් වෙනවා කියලා අදහසක් ගන්න පුලුවන්. මොකද නිශ්පාදන තත්වයන් ඉහල යනවා කියන්නේ එයාලගේ Inflation Targets Cover කරගන්න පුලුවන්. ඒ වගේම පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුව Inflation targets යොදාගන්නවා කියලා මතක තියාගන්න එක ඔයාලට හොඳයි. පහුගිය කාර්තුවට වඩා මේ කාර්තුවේ Gross Domestic Product නිව්ස් එක ස්ට්‍රොන්ග් නම් ඒ කියන්නේ ඒ රටට අදාල මුදල් ඒකකය මිලදී ගන්න පුලුවන්.

 

මෙවායෙ වෙනස් වීම් වලින් මාර්කට් එකට එන බ්යර්ලා ගැන දල අදහසක් ගන්න පුලුවන්.

මේවායෙ මොකක් හරි අවුලක් උනොත් ඒ කියන්නේ එක පාර කඩන් වැටෙන තත්වයක් වගේ ආවොත් පොඩ්ඩක් එහා මෙහා කරල බැලන්ස් කරන්නත් ඕනම රටකට කෙනෙක් ඉන්නවා. එයා තමයි central bank එක. ඔය කියපු central bank එකෙත් තියෙනවා tools වගයක් මේ දේවල් වල බලපෑම අවුල් ආවොත් එහෙ මෙහෙ කරන්න. මේවා Economic stability tools ලෙස හඳුන්වනවා. මේ පහලින් තියෙන්නේ ඒවා.

  • Interest rate
  • Price limit
  • language
  • Quantitative easing

Interest rate (පොලී අනුපාතය)

යම් කිසි රටක ආර්ථිකය සමබර කරන්න Central Bank එක මූලිකවම යොදාගනු ලබන එක තමයි මේ.

ඇත්තටම මෙතන පොලී කතන්දරේ ආර්තිකයට බලපාන්නේ  මෙහෙමයි. රටක ආර්තිකය අඩු මට්ටමකට එනකොට මහ බැන්කුවෙ පොලිය අඩු කරනවා. හේතුව ආයෝජන අවස්තා වැඩි කරගන්න. පොලිය අඩු කලාම බැන්කුවට දාල තියෙන සල්ලි අරන් ආයෝජකයෝ ඒවා Business වලට දානවා. එතකොට අදායම් වැඩි වෙනවා. එහෙම එයාලගෙ අදායම් ඉලක්ක සම්පුර්ණ කරගත්තම ආයෙම පොලී අනුපාත වැඩි කරනවා.    ඒක කරන්නේ දීර්ඝ කාලීන ආයෝජන බලාපොරොත්තුවෙන්. හරියට ෆික්ස් ඩෙපොසිට් වගේ ලොකු පොලියක් ලැබෙනකොට ඕනම් කෙනෙක් කැමතියි ෆික්ස් ඩෙපොසිට් එකක් දාන්න. එයාලා එතකොට තමන්ට ලැබෙන අදායම බැන්කුවට දාලා පොඩි අවදානමකින් ලොකු ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙනවා,

Price limit

මෙහෙම හිතමු දැන් Euro/usd තියෙන්නේ 1.0000. Central bank එක කැමති නෑ එයාලගේ තැන නැතිකරගන්න. ඒ කියන්නේ වලට තියෙන වටිනාකම තවත් අඩු වෙනවට. ඉතින් එක මිලියන ගනන් වියදම් කරලා මාර්කට් එකේ Euro/usd බයි කරනවා.

Language

මේකෙන් කියවෙන්නේ භාශාව ගැන. භාශාවෙත් කොටස් දෙකක් තියෙනවා.

Hawkish and dovish කියලා. Hawkish කියන්නේ අපි මේක කරනවා කියලා පැහැදිලිව කියන එකට. dovish කියන්නේ අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා වගේ වැනි වැනී කියන කතා වලට,

QE (Quantitative easing)

මේ කියන්නේ සල්ලි අච්චු ගහන කතන්දරේ. ආර්තිකය කඩා වැටෙනකොට කට්ටියගෙ පඩි එහෙම වැඩි කරලා එන ආදායම වැඩි කරගන්න තමයි මේක කරන්නේ එත් මේක දිගුකාලීනව යොදාගන්නේ නෑ.

සාමාන්යෙන් central bank එක අර economic indicators වල අවුල් සමතයක් කරන්නේ එක වරකට එකක් පමණයි.

ඒ කියන්නේ රටක GDP එකයි Inflation rate එකයි දෙකම අවුල් නම් එක කරන්නේ නිව්ස් වෙලාවට අර දෙකෙන් එකක විතරක් අවුල අඩු කරන්න උත්සහ කරන එකයි.

මේවායෙ බලපෑම නිසා පිප්ස් 100 සිට 1000 දක්වා මාර්කට් එක එහා මෙහා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ මේ බලපෑම් නිසා මාර්කෙට් එකට එන බ්යර්ලා නිසයි.

economic කැලන්ඩරේ ඔය දේවල් කරන වෙලාවල් බලාගන්න යොදාගන්න පුලුවන්. මොකද මේවා කරන්න නියමිත දවසක් වගේම වෙලාවක් තියෙනවා

(හරියටUSD NFP එක හැම මාසෙම 1 වෙනි සිකුරාදා හවස එනවා වගේ)

නිව්ස් බලන්න ගොඩක් අය රෙකමන්ඩ් කරන ස්යිට්ස් තමයි

www.fxstreet.com

www.forexfactory.com   කියන්නේ

news.JPG

central bank rates.JPG

 

 

news  බලලා තීරනය කරන්න ඕනේ ඒ රටේ ආර්තික තත්වය මොන වගේ වෙයිද කියලා. calendar එකේ තියෙන දේවල් විස්තර කරලා කියන සයිට්ස් තියෙනවා.

www.bloomberg.com

bllo.JPG

www.forexcrunch.com

forexcr.JPG

වගේම පිප්ස් පාසල් මහ ගෙදර  

www.babypips.com 

Currency Correlation කියලා කොටසක් තියෙනවා. Gold aud currency එකට බලපෑම් ඇති කරනවා. අයෙ තෙල් මිල USD/cad එකට බලපෑම් ඇති කරනවා.

තෙල් මිල එකට බලපෑම් ඇති කරන්නේ දවසකට බොරතෙල් බැරල් 2000ක් කැනඩාවෙන් USA වලට යවන නිසා.

මුදල් ඒකක වලත් එකෙන් එකට වෙනස් correlation ඇති කරනවා. ඒකෙන් අපිට හොඳම ට්‍රේඩ් එක හොයාගන්න පුලුවන්. ඒකත් බලන්න සයිට් එකක් දෙන්නම්.

corrolation.JPG

https://www.oanda.com/forex-trading/analysis/currency-correlation

 

 

එතකොට fundamental analysis කතන්දරේ මේකෙන් ඉවරයි. ඉවරයි කියන්නේ මට තේරෙන විදියට කියලා දීලා ඉවරයි

Market sentiment

අපි ෆොරෙක්ස් මාර්කෙට් එකේ ඉන්න හාල් මැස්සො වගේ. 0.1න් $1න් ට්‍රේඩ් කරලා අපිට බෑ forex market එකේ pip එකක් එහා මෙහා කරන්න. ඉතින් අපි කරන්න ඕනෙ මාර්කට් එකට එන buyr ල යන පාරෙ යන්න. එයාලගෙ වැල යන අතට අපේ මැස්ස ගහන්න. ඔය නිසයි මාර්කට් සෙන්ටිමෙන්ට් වැදගත් වෙන්නේ.

   ඊට පස්සේ sentimenal analysis ඕකෙන් කියවෙන්නේ මාර්කෙට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවද කියලා බලන එක. මාර්කෙට් එකට එන buyela ගාන අඩු වැඩි වෙන එක.  මේක වාර්තාවක් විදියට සතිපතා එන සයිට් එකක් තියෙනවා.

 http://www.cftc.gov/Marketreports/CommitmentsofTraders/index.htm ගිහින් බලන්න අදහසක් ගන්න පුලුවන්. හැබැයි ටිකක් සන්කීර්නයි. වැඩේ ටිකක් ලේසි කරන්නම්.

http://www.timingcharts.com/  

මේකන් මාර්කට් සෙන්ටිමෙන්ට් එක ගැන පැහැදිලි අදහසක් ගන්න පුලුවන්. වගේම ලේසියී timingchar.JPG

 

පොඩි අවුලක් ආවද මන්දා. fundamental ඔච්චරටම වැදගත්නම් මාර්කට් එකේ sentiment (trend) එක වෙනස් වෙන්නේ fundamental හින්දනම් ඇයි Technical analysis වලට අපි කරන්නේ?

Technical analysis

ලෝකයේ ජනප්‍රියම ඇනලයිස් ටයිප් එක තමයි මේ. චාර්ට් එක දිහා බලාගෙන ඒකෙ ඉතිහාසය බලලා අනාගතය ගැන අදහසක් ගන්න එක තමයි මේකෙදි කරන්නේ. support And resistance, chart patterns, trendlines, channels, Indicators වගේ දේවල් මේ ක්‍රමයට ඇතුලත් වෙනවා.

Support and Resistance

brokers, hedge funds වගේ 80% වලට වඩා සිල්ලර වෙලෙන්දෝ ෆොරෙක්ස් මාර්කෙට් එකේ trade කරන්නේ opposite direction එකට තමයි  support and resistance වලට ට්‍රේඩ් කරනකොට එයාලට මාර්කට් එක පැහැදිලිව දකින්න පුලුවන්.

what is support and resistance

 Support and Resistance කියන්නේ ටෙක්නිකල් ඇනලයිස් කරනකොට මූලික වශයෙන්ම යොදාගන්න දෙයක් කියලා හඳුන්වන්න පුලුවන්.

How to draw Support and Resistance Sinhala

  Sup and Res ලෙවෙල්ස්  අඳින ආකාරය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්.  මොකද scalping, inter day, swing, position, නම් වලින් කොටස් හතරකින් ට්‍රේඩ් කරන අපි අපි මාර්කට් එක දිහා බලන විදිය කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස් වෙන නිසා

සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සළකුණු කරගන්න ආකාරය

මතක තබාගතයුතු වැදගත්ම කරුණ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් යනු කිසි විටක නිශ්ෂිත එක් අංකයක් නොවේ.. එය යම් නිශ්ෂිත හදුනාගත හැකි පරාසයක් ලෙස හැදින්විය හැකියි.බොහෝ අවස්ථාවල ඔබට පේන්න පුළුවන් අපි අදින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් හැම විටම කඩාගෙන එහාට මෙහාට යනවා.

ඒත් ඔබ ඒ දිහා කාලයට ඉඩ දීලා ටිකක් බලන් හිටියොත් ඔබට පේන්න ගන්නවා.. මාර්කට් ප්‍රයිස් එක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථාවල සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් අවට ප්‍රදේශයේ එක තැන හරියට උඩට යන්නෙත් නැතිව පහලට යන්නෙත් නැතිව එකම තැන දෝලනය වෙමින පැවතිලා තියන බව. මේ දෝලනය වීම අපිට හොදටම බලාගන්න පුළුවන් කැන්ඩල්ස්ටික් චාර්ට් එකක කැන්ඩල් එකේ ඇති ශැඩෝ එක අධ්‍යනය කිරීමෙන්.

525x298xgrade1-support-before-thumbnail.png.pagespeed.ic.eUwEa5JF1x.png

ඉහත රූපයට අවධානය යොමු කෙරුවොත් දැකගන්න පුළුවන් කැන්ඩල් ශැඩෝ එක 1.4700 සපෝර්ට් ලෙවල් එක ආසන්නයේ මාර්කට් ප්‍රයිස් එක එක ලගම එහාට මෙහාට දෝලනය කරලා තියන ආකාරය. ඒ අවස්ථාවල සමහර වෙලාවට මාර්කට් ප්‍රයිස් එක සපෝර්ට් එක කඩාගෙන ගිහින් තියනවා කියලා අපිට පේනවා. ඒත් අපි දැන් මේ කරන පසුවිමරමේදී අපිට තේරෙනවා ඒ සපෝර්ට් එක කඩාගෙන ගිහින් නෙමේ,සපෝර්ට් ලෙවල් එක නිසා මාර්කට් එකේ ඇති කළ ප්‍රශර් එක නිසා  මාර්කට් ප්‍රයිස් එක එතනදී එකම තැන දෝලනය වීමකට ලක් වෙලා කියලා.

ඉතින් අපි කොහොමද හරියටම දැනගන්නේ මේ වගේ අවස්ථාවක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කඩාගෙන යයිද නැත්තන් නැවතත් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අනුව මාර්කට් එක ඒ විදිහටම දෝලනය වෙයිද කියලා ?


ඇත්තෙන්ම කිව්වොත් එයට 100% නිවැරදි උත්තරයක් නෑ. ඒ නිසා සැම විටම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් මත පමණක් හිද ට්‍රේඩ් වලට යෑම ඉතාමත් අවදානම් සහිතයි. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සමගම ඉදිරියේදි ඉගෙනගන්න තවත් ක්‍රම කිහිපයක එකතුවෙන් අපිට මෙම ගැටලුවට නිවැරදි උත්තරයක් ලබාගන්න පුළුවන්.

අපි නැවත් අපි කළින් ගත් රූපයම උදාහරණයකට ගමු ඊට පැය කිහිපයකට පසු ගත් පින්තූරයකින්. දැන් අපි බලමු ඇත්තටම මාර්කට් ප්‍රයිස් එක 1.4700 සපෝර්ට් ලෙවල් එක කාඩාගෙන ගිහින් කැන්ඩල් එක ක්ලෝස් වුනායි පසු මොකද වෙලා තියෙන්නේ කියලා

how to draw Support and Resistance sinhalen

මේ අපි ගත් උදාහරණයේදී අපිට පේනවා මාර්කට් ප්‍රයිස් එක 1.4700 සපෝර්ට් ලෙවල් එක කාඩගෙන ගිහිල්ලත් නැවතත් එය කළින් පරිදිම ඉහලට ගමන් කර තියන බව. මේ අවස්ථාවේදී අපි මේක ඇත්තටම සිදු වුන සපෝර්ට් ලෙවල් බ්‍රේක්අවුට් එකක් කියලා හිතලා අපි සෙල් ඕඩර් එකක් දැම්මනම්. අනිවාර්යෙන්ම අපිට ලොකු පාඩුවක් සිදුවෙනවා.

පැය කීපයකට පසුව අපි මාර්කට් එක දිහා බලපුවහම අපිට පේනවා.. එතන සපෝර්ට් ලෙවල් එක කැඩිලා නෑ කියලා.. ඒ සපෝර්ට් ලෙවල් එක කලින් තිබ්බටත් වඩා ශක්තිමත් සපෝර්ට් ලෙවල් එකක් බටට පත් වෙලා කියලා.

අපි සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටස් ලෙවල් එක අපි මේ උදාහරණයට ගත්ත 1.4700 වගේ එක නිශ්ෂිත අංකයක් විදිහට ගණන් ගත්තොත් අපිට සිදු වෙන්නේ මේ විදිහටම මාර්කට් එක වැරදියට තේරුම් අරගෙන ලොස්ට් වෙන්න.. ඒක නිසා සෑම විටම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක, එක් නිශ්ෂිත අංකයක් ලෙස නොව යම් නිශ්ෂිත පරාසයක් (Zone) එකක් විදිහට ගන්න පුරුදු වෙන්න.

මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකේ නිශ්ෂිත පරාසය හදුනාගන්න තියන හොදම ක්‍රමය. කැන්ඩල් චාර්ට් එක නැතිව, ලයින් චාර්ට් එකේ මාර්කට් ප්‍රයිස් එක අධ්‍යනය කිරීම ( සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක දැන ගැණිමට පමණක්)

ලයින් චාර්ට් එකේ එය හදුනා ගැණිමට පහසු වීමට හේතුව ලයින් චාර්ට් එකේ දක්වන්නේ ක්ලෝසින් ප්‍රයිස් එක පමණක් වීම. කැන්ඩල්ස්ටික් චාර්ට් එකේ ඕපනින් ප්‍රයිස්, ක්කෝල්සින් ප්‍රයිස්, හයි ප්‍රයිස්, ලෝ ප්‍රයිස්, සියල්ල සදහන් වෙන බැවින් එහි ඇති සංකීර්ණ තාවය නිසා මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ප්‍රයිස් Zone එක නිවැරදිව හදුනාගන්න අපහසු වෙනවා. ඒ නිසා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක සොයා ගැනීමට ලයින් චාර්ට් එක භාවිතා කිරීම ඔබට පහසුවක්.

පහත රූපය උදාහරණයකට ගෙන ලයින් චාර්ට් එකක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක ඇද ගැණිමේදී.. අදාලා සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකේ මාර්කට් ප්‍රයිස් එක දෝලනය කළ අවස්ථා කීපයක් ගෙන ඒ ඒ අවස්ථාවල මාර්කට් ප්‍රයිස් එක දෝලනය වූ කුඩා පරාසය තුල ඉහලම සහ පහලම Zone එක සලකුණු කරගැනීමෙන් ඔබට නිවැරදී සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එකක් ඇද ගත හැකිය.

Support and Resistance sinhalen

ෆොරෙක්ස් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වල දැනගතයුතු තවත් කරුණු කිහිපයක්

  1. මාර්කට් ප්‍රයිස් එක රෙසිස්ටන්ස් Zone එකක් කඩාගෙන ඉහලට ගිය විට එය ඉබේම සපෝර්ට් Zone එකක් බට පත් වේ. සපෝර්ට් ලෙවල් එකක් කාඩගෙන ගිය විට එය ඉබේටම රෙසිස්ටන්ස් Zone එකක් බට පත්වේ.
  2. වැඩි වැඩියෙන් එකම සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් අතීතයේ සිට වැඩි වැඩියෙන් මාර්කට් ප්‍රයිස් එක දෝලනය කර තිබේනම් එය ඉතා ශක්තිමත් සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් බව හදුනාගත යුතුය.
  3. සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් ලෙවල් එකක් කඩාගෙන ගිය අවස්ථාවක මාර්කට් ප්‍රයිස් එක කෙතරම් දුරට ඒ පැත්තටම ගමන් කරයිද යන්න අපට තීරණය කළ හැකි සාධකයක් ඇත. කාලයක් තිස්සේ ශක්තිමත්ව පැවති සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් බිදගෙන මාර්කට් ප්‍රයිස් එක ගියේනම් එය විශාල ලෙස එම අතටම මාර්කට් ප්‍රයිස් එක ගමන් කරන බවට දෙන ඉගියකි. ශක්තියෙන් අඩු අලුත් සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් නම්. එය සමාන්‍ය පරිදි ගමන් කරයි .

පහත රූපයෙන් ඔබට ශක්තිමත් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සහ කුඩා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් හදුනාගන්න අකාරය පිළිබදව අවභෝදයක් ගත හැක

Support and Resistance

මහන්සියෙන් උනන්දුවෙන් පැරණි ෆොරෙක්ස් මාර්කට් තොරතුරු අධ්‍යනය කර. එක් එක් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථාවල මාර්කට් එක හැසිරී ඇති ආකරය අධ්‍යනය කරමින් Demo එකවුන්ට් එකක ටික දවසක් හොදින් පුහුනු වුනොත් ඔබට නිවැර සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone හදුනා ගැණිම අපහසුවක් නොවනු ඇත.

strong news time වලට මාර්කට් එක දිහා බැලුවොත් ඔයාලට පෙනෙයි නිව්ස් වෙලාවටත් support and resistance ලෙව්ලෙස් වල්ට මාර්කට් එක respect කරනවා. එහෙම වෙන්නේ ඔය වැඩි හරියක් මේ  sup and res ලෙවෙල්ස් වල්ට ට්‍රේඩ් කරන නිසා තමයි

support or resistance ලෙවෙල් එකක් බ්‍රේක් කරලා අයෙ රීටෙස්ට් කරන්නෙ නැතුවම අනිත් පැත්ත ගෙහෙනෙන්නේ වලට මාර්කට් එකට එන retails ට්‍රේඩර්ස්ලගේ power එක නිසා තමයි. Market sentiment change වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙන තැන ටෙක්නිකල් වලින් හොයාගන්න යොදාගන්න පුලුවන් හොඳම තැන තමයි මේ.

Breakout and Fakeout How can Identify And use To Trading

    Fake Out and breakout කියන්නේ මොනවද? ඒවා අඳුනගනේ කොහොමද? ලේසි ක්‍රම තියෙනවද?

What is breakout.

බ්‍රේක් අවුට්එ කක් කියන්නේ මාර්කට් එක යම් සපෝර්ට් ලෙවෙල් එකක් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් එහෙමත් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ චැනල් එකක් කඩාගෙන යන නිවැරදි ක්‍රමය කියලා සරලව හඳුන්වන්න පුලුවන්

What is Fakeout

ෆේක් අවුට් කියන්නේ මාර්කට් එක යම් සපෝර්ට් ලෙවෙල් එකක් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් එහෙමත් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ චැනල් එකක් කඩාගෙනයනවා වගේ පෙනිලා ආයෙම පරන පාරෙම යන එකට. ඒක හරියට මාර්කට් එක බොරුවට රඟපාලා පෙන්නනවා වගේ වැඩක්. වගේ රීටේල් ට්‍රේඩර්ලා තමයි මාර්කට් එක මේ විදියට මූව් කරලා ප්‍රොෆිට් කරන්නේ. මේ ෆේක් අවුට් නිසා ගොඩක් අයගේ ට්‍රේඩ්ස් ස්ටොප් ලොස් වැදිලා ආයෙම හැරෙනවා.

මේකෙදි සපොර්ට් එක වගේම ට්‍රෙන්ඩ්ලයින් එක බ්‍රේක් කලත් ආයෙම රීටෙස්ට් එකක් නෑ. ඒවා තමයි ෆේක් අවුට් කියන්නේ. සපෝර්ට් ලෙවෙල් එකක් රෙසිස්ටන්ස් චැනල් ට්‍රෙන්ඩ්ලයින් ටච් කරපු ගමන් ට්‍රේඩ් දාල ගොඩක් අය ලොස් වෙන්නේ මේ නිසා තමයි

How to Trade Perfectly At Breakout ?

එකකදී ට්‍රේඩ් කරන්න ඕනේ පෝස්ට් එකේ කියල දුන්න සරල ක්‍රමයට අනුව. එතකොට ගින්නක් නැතුව ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුලුවන්.

පහල රූපය බලන්න. උඩින් එන මාර්කට් එක සපොර්ට් ලෙවෙල් එක බ්‍රේක් කරලා ආයෙම රී ටෙස්ට් එකක් එනවා ඊට පස්සෙ ඒ රෙසිස්ටන්ස් ලෙවෙල් එකෙන් මාර්කට් එක හැරෙනවනම් විතරයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ.

How to Trade Perfectly At Breakout

බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරනවා කියලා සරලවම කියන්නේ මේකටයි. මේක ට්‍රෙන්ඩ්ලයින් වලට වුනත් පොදුයි.

How To Identify Fakeout

How To Identify Fakeout

මේකෙදි සපොර්ට් එක වගේම ට්‍රෙන්ඩ්ලයින් එක බ්‍රේක් කලත් ආයෙම රීටෙස්ට් එකක් නෑ. ඒවා තමයි ෆේක් අවුට් කියන්නේ. සපෝර්ට් ලෙවෙල් එකක් රෙසිස්ටන්ස් චැනල් ට්‍රෙන්ඩ්ලයින් ටච් කරපු ගමන් ට්‍රේඩ් දාල ගොඩක් අය ලොස් වෙන්නේ මේ නිසා තමයි

How To Trade At Fakeout

How To Trade At Fakout

මේ තියෙන්නේ ෆේක් අවුට් වලදී ට්‍රේඩ් කරන්න තියෙන නියම විදිය. මාර්කට් එක ඔයාගෙ ලෙවෙල් එක පැහැදිලිව ආයෙම රී ටෙස්ට් එකක් එනකන් බලාගෙන ඉන්න. ඊට පස්සේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුලුවන්.

Forex market එකේ අපි businessmen කෙනෙක් ඉතින් අපිට මුදල් මිලට ගන්න හොඳම තැන හොයාගන්න ඕනෙ. ඕකට තමයි Technical analysis ඕන වෙන්නේ.

Support and resistance ලෙවෙල්ස් ඇති වෙන්නේ ඇයි කියලා කලින් කිව්වා. trendlines වලට මාර්කෙට් එක respect කරන්නේ ඇයි කියලත් බලමු.

Trend Lines

Trend Lines කියන්නෙත් ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයිස් වලදී ෆොරෙක්ස් ටේඩර්ස්ලා වැඩියෙන්ම භාවිතා කරන ක්‍රමයක්. හරියට ට්‍රෙන්ඩ් ලයින් අදින්න ඉගෙනගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් තරම් නිවැරදිව මාර්කට් එක තේරුම් ගන්න පුලුවන් වෙන ක්‍රමයක් නෑ. ඒත් අවාසනාවකට ගොඩාක් ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් අදින්න දන්නේ නෑ. එහෙම නැත්තන් ඔවුන් ට්‍රෙන්ඩ් ලයින් අදින්න හදන්නේ ඔවුන්ට ඕනෑ කරන කරන විදිහට මාර්කට් එක දකින්න මිසක්, රියල් මාර්කට් එකට අනුව ට්‍රෙන්ඩ් ලයින් අදින්න නෙමේ. ගොඩාක් අය වරද්දගන්නේ ඔතනින්

How to Draw Trend Lines ?

නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්නේ කරන්නේ තියෙන්නේ හරිම සරළ දෙයක්... මාර්කට් එක තුල ප්‍රයිස් එක ගමන් කළ ප්‍රධාන ඉහලම ස්ථාන ( Major tops) දෙකක් හෝ පහලම ස්ථාන (Major Bottoms) දෙකක් හදුනාගෙන ඉරකින් ඒ දෙක යා කිරීම පමණයි.

ට්‍රෙන්ඩ් ලයින් එකක් හදුනාගෙන එය ඇදැගන්නා ආකාරය අවභෝද කරගැනීමට පහත රූපය බලන්න

Trend Lines

ට්‍රෙන්ඩ් ලයින් වර්ග තුනක් අපිට ෆොරෙක්ස් මාර්කට් එක තුල හදුනාගන්න පුළුවන්. ඒවා නම්,

1. අප්ට්‍රෙන්ඩ් (ඉහලට ගමන් කරන)

2. ඩවුන් ට්‍රෙන්ඩ් ( පහලට ගමන් කරන)

3. සයිඩ්වේ ට්‍රෙන්ඩ් ( ඉහලට හෝ පහලට නොමැතිව කෙලින් ගමන් කරන)

ෆොරෙක්ස් ට්‍රේඩින් කිරීමේද Trend Lines පිළිබදව දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක්  

1. අඩුගානේ මාර්කට් ප්‍රයිස් එක ඉහලට(Tops) හෝ පහලට(Bottoms) ගමන් කළ අවස්ථා දෙකක්වත් අත්‍යවශයි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්න. ඒත් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වීමට එවැනි අවස්ථා තුනක්වත් අනිවාර්යෙන් තිබිය යුතුයි

2.  අප්ට්‍රෙන්ඩ් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක ට්‍රෙන්ඩ් ලයින් එකේ බෑවුම ගොඩාක් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ට්‍රෙන්ඩ් එක පිළිබදව ඇති විස්වාස එන්න එන්න අඩු වෙනවා. බෑවුම වැඩිවෙනවා කියන්නේ.. ට්‍රෙන්ඩ් එක ඉවරවෙන්න ගොඩාක් ලං වෙලා කියන බව අප අවභෝද කරගත යුතුයි.

3. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී වගේම.. අධික බෑවුමක් නොමැතිව නිවැරදි ලෙස ට්‍රෙන්ඩ් ලයින් එක දිගට මාර්කට් ප්‍රයිස් එක ගලාගෙන යන වාර ගණන වැඩි වෙන්න වැඩි වෙන්න එම ට්‍රෙන්ඩ් එකේ ශක්තිමත් භාවයද වැඩිවේ.

4. ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදීමේදි මතක තබාගත යුතු වැදගත්ම කරුණ.. කවදාවත් මාර්කට් එකට නොගැලපෙන අවස්ථාවක බලෙන් ට්‍රෙන්ඩ් ලයින් එකක් අදින්න උත්සහ කරන්න එපා. ඔබට නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් එක අදින්න නොහැකි බව තේරෙනවනම්. ඇත්තටම ඒ අවස්ථාවේ මාර්කට් එක තුල නිවැරදි ට්‍රෙන්ඩ් එකක් පවතින්නේ නෑ.. ඒ නිසා තමන්ගේ උවමනාවට බලෙන් ගලපවාගෙන අදින්න උත්සහ කරන ට්‍රෙන්ඩ් ලයින් කිසිම විදිහකින් නිවැරදි ට්‍රෙන්ඩ් ලයින් එකක් නොවන බව හොදින් මතක තබා ගන්න.

Retail traders  ල මාර්කෙට් එකේ targets ඉවර කරගන්නෙ support and resistance වගෙම trend lines එහෙමත් බලල.  ඔය channels හැඩෙන්නෙත් ඕක නිසා තමයි.

Channels

What is Channels in Forex

  අපි කලින් ඉගෙනගත්  Trend Lines කියන ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයින්ස් න්‍යාය තව පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යනය කෙරුවොත් අපිට ඊලගට ඉගෙනගන්න ලැබෙන ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයිස් ක්‍රමය තමා Channels කියලා හදුන්වන්නේ

How to Draw Channels

     අපි ට්‍රෙන්ඩ් ලයින් එකේදී එක ඉරක් ඇන්දා වෙනුවට.. ඒ ඉරට සමාන්තරව ඉහලට හෝ පහලට ගමන් කරන මාර්කට් ප්‍රයිස් එක කොටු කරලා තවත් ඉරක් ඇන්දොත් ඒක තමා අපි චැනල් එකක් කියලා හදුන්වන්නේ.

චැනල් එකක් මගින් අපිට පුළුවන් අපිට තීරණය කරන්න අපි කොයි වෙලාවටද බයි කරන්න හෝ සෙල් කරන්න ඕනා කියන එක. චැනල් එකක ඉහල හා පහල යන ඉරි දෙකෙන්ම අපිට හදුනාගන්න පුළුවන් ඉහලට හෝ පහලට ගමන් කරමින් පවතින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථා.

චැනල් එකක් ඇද ගැනීමට ඔබට කරන්න තියෙන්නේ.. ඔබ කලින් ඇද ගත්ත ට්‍රෙන්ඩ් ලයින් එකට සමාන්තරව ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි මාර්කට් ප්‍රයිස් එක ගමන් කර ඇති ඉහලම හෝ පහල ස්ථාන යා කර ඔබේ ට්‍රෙන්ඩ් ලයින් එකට සමාන්තරව තවත් ලයින් එකක් ඇද ගැනීම පමණයි.

චැනල් එකක් හදුනාගෙන එය ඇදැගන්නා ආකාරය අවභෝද කරගැනීමට පහත රූපය බලන්න

Channels

මාර්කට් ප්‍රයිස් එක ඔබේ ඇද ගත් චැනල් එක ඇතුලත පහල ලයින් එකේ වැදුනොත් ඔබට Buy එකක් සිදු කළ හැකි ස්ථානකයක් ලෙස හදුනාගන්න පුළුවන්. මාර්කට් ප්‍රයිස් එක ඔබ ඇද ගත් චැනල් එක ඇතුලත ඉහල ලයින් එකේ වැද්නොත් sell එකක් සිදු කළ හැකි ස්ථානයක් ලෙස හදුනාගත හැකියි.

3 Types of channels in Forex Platform

1. ඉහලට ගමන් කරන චැනල්.

2. පහලට ගමන් කරන චැනල්

3. තිරස් අතට ගමන් කරන චැනල්

ෆොරෙක්ස් ටේඩින් කිරීමේද චැනලස් පිළිබදව දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක්

1. චැනල් එකක් ඇද ගැනීමේදී. ඇද ගන්නා ට්‍රෙන්ඩ් ලයින් දෙකම එකිනෙකට සමාන්තර විය යුතුය.

2. චැනල් එකක පහල ලයින් එක  buy එකක් කළ හැකි ස්ථානයක් වනවා මෙන්ම චැනල් එකක ඉහල ලයින් එකක sell එකක් සිදු කළ හැකි ස්ථානයක් ලෙස හදුනාගත හැකිය

3. Trend lines ඇදීමේදී මෙන්ම චැනල් එකක් ඇදීමේදී.. මාර්කට් එකට නොගැලපෙන ෆොරෙක්ස් ට්‍රේඩර්ට ඕනෑ නිසා බලෙන් චැනල් එකක් අදින්න යනවානම් එය කිසිසේත්ම නිවැරදි චැනල් එකක් නොවේ. සැම විටම නිවැරදි චැනල් එකක්නම් එහි අදින ලයින් දෙකම එකිනෙකට සමාන්තර විය යුතුය.

Currency strength. එක අනුව support and resistance or trendlines වල market එක touch වෙන විදිය වෙනස් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට trendline එකයි sup or res levels දෙකම සෙට් වෙනවනම් එතන ගොඩක් සාර්තක ඉලක්කයක් වෙනවා.

trend channel.JPG

Reversal signals,

  ඔයාලට චාර්ට් එකේ chart pattern වගේම candlesticks signals අඳුනගන්න පුලුවන් සහ double top/bottom or head and shoulder pattern කියන්නෙ trend reversal patterns කියලා තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා (මම නම් entries ගන්න use කරන්නේ 1H and 30min chart වල මේ දෙක තමයි)

 support and resistance , trendlines, channels, indicators, වගේ දන්න ඕන සෙල්ලමක් දාල entry එක ගන්න. වැඩේ තියෙන්නේ fundamental and sentiment  අවුල් උනොත් spike candles වලට අහු වෙලා ඔයාට ඉක්මනටම account එකේ සල්ලි ටිකට කෙලවගන්න පුලුවන්. 95% අපි වගෙ පොඩි එවුන් ලොස් වෙන්නේ මේ fundamental sentimenatal or technical 3න් එකකට හෝ දෙකකට විතරක් trade කරන නිසයි. කැමතිනම් ඔයාටත් අදාල කරගෙන බලන්න පුලුවන්.

indicators අවුල් නෑ. ඒත් එවායින් අපි market එක දිහා බලන විදිය වෙනස් වෙනවා.  මොකද ගොඩක් එවයින් පෙන්නන්නේ මාර්කෙට් එකේ ඉතිහාසයෙ උන දේවල් විතරයි. ඒකත් හරියට මාර්කෙට් සෙන්ටිම්මෙන්ට් වගේ තමයි.

  fundamental and sentimenal දෙකම ඔයාට අවුල් නැත්තම් ගින්නක් නැතුව. ස්ට්‍රොන්ග් support or resistance ලෙවෙල්ස් වලින් chart pattern , indicators, candlesticks සිග්නල් බලලා entry එක ගන්න. ලොවෙත් වරදින්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.

Chart Patterns

Chart Patterns කියන්නේ Bar කිහිපයක් ආධාරයෙන් අදුන ගන්න යම්කිසි රටාවක්.

Chart Patterns කිහිපයක් තියෙනවා.

  • Double Top & Double Bottom
  • Head and Shoulder & Inverse Head and Shoulder
  • Rising & Falling Wedge
  • Bullish & Bearish Rectangle
  • Bullish & Bearish Pennants
  • Triangles (Symmetrical, Ascending, Descending )

Double Top/bottom

Double Bottom.JPG

  මෙකෙදි වෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ M හෝ W අකුරෙ හැඩයට චාර්ට් එකේ පැටර්න් එකක් හැදෙන එක. ගොඩක් අය කියන්නේ මේකෙ ඔය මැද තියෙන ස්වින්ග් ලෙවෙල් එක බ්‍රේක් කලොත් කලින් තිබුන ලෙග් එකේ තියෙන දුරම එතනින් එහාටත් මුව් වෙනවා කියලා. ඒත් මන් මගෙන් ඉගෙනගන්න අයට මේ පැටන් එකෙන් මීට වඩා වැඩ ගන්න විදිය කියලා දීලා තියෙනවා.

Head & Shoulder and

Inverse Head and Shoulder

ReverseHeadAndShoulderSampleImage.png

1st Top එකට වැඩිය 2nd Top එක up or down ගිය අවස්ථාවක අපිට Head & Shoulder බලාපොරොත්තු වෙන්න පුළුවන්. Pattern එක තේරුම ගන්න පුළුවන් පින්තුරෙන්. neckline එක අදින්න ඕන Shoulder දෙකයි Head එකයි අතර තියෙන Down Point දෙක යා කරලා.

අන්තිම Shoulder ඒකෙන පස්සේ Trend එක neckline එක break කරොත් neckline එකයි Head එකයි අතර දුරට සමාන දුරක් Down Trend එකක් එනවා.

Rising Wedge

falling wedge.JPG

Down or Up Trend එකකදී මේ වගේ වෙන්න පුළුවන්. හැම Top එකක්ම සාමාන්යෙන් කලින් Top එකට වඩා ඉහලට යනවා. ඒ වගේම හැම bottom එකක්ම කලින් Bottom එකට වඩා ඉහලින් නවතිනවා.  මේ රටාව නිවැරදිව තේරුම ගන්න මොකද මේ වගේම තව රටාවක් තියෙනවා මේකට වඩා ටිකයි වෙනස්. මේකෙන් දෙන Signal එකට විරුද්ද Signal එකක් අනිත් මේ වගේ රටාවෙන් දෙන්නේ. එක නිසා මේක එකත එක්ක පටල ගන්න එපා. මේකේ Tops & Bottoms ඊට කලින් Tops & Bottoms වලට වඩා ඉහළින තියෙන්නේ.

ටිකෙන් ටික Trend එක කුඩා වෙන නිසා පේනවා Buying Pressure එක අඩු වෙනවා කියල. එක පාරට ලොකු Down Trend එකක Signal එකක් මේක.

Falling Wedge

ඕකෙම අනිත් පැත්ත Falling Wedge කියලා හඳුන්වනවා

මොන වෙලාවද Trade කරන්න හරියටම සෙට් වෙන්නේ කියලා බැලුවද?

ගොඩක් වෙලාවට අපි කැමති පොඩි වෙලාවකින් ලොකු ප්‍රොෆිට් එකක් අරගන්නයි. මාකට් එක දවසේ පැය 24 ම වෙලා තිබුනත් currency pair එකක් ලොකුවට එහා මෙහා වෙන්නෙ පැය 8ක් හෝ ඊට අඩු වෙලාවක් විතර තමයි. මෙහෙම වෙන්නේ ,market session  නිසා. අපි trade කරන currency එකට අදාල රටක වැඩ කරන වෙලාවල් වලදි market එක ගොඩක් එහා මෙහා යනවා., market sessions වගේම  currency strength  එක තේරුම් ගන්නත් ඕනෙ ෆොරෙක්ස් කරනකොට. ඒ වගේමයි ඒ currencies වල fundamental  පැත්තත් අනිවා බලන්න ඕනේ.

Facebook group post එකකින් ගිස්බන්ට පින් සිද්ද වෙන්න මේ ටික ඉගෙනගත්තා හිටන්.  

swap/rollover ගැන වැඩි යමක්...

swap එක? rollover කියලත් මේකට කියනවා. සමහරුන්ට නම් මේක එච්චර වැදගත් නැතුව ඇති. සමහරු නම් අහලවත් නැතුව ඇති. ඒත් මේ දේ ඔයාල හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් වැදගත් . ඒක නිසා ඔයාල ඉස්සරහට long term trades දාන්න හිතන් ඉන්නවනම් මේක අනිවාර්යෙන් කියවන්න. එහෙමත් නැත්නම් no-swap/swap-free account එකක් හදන්න පුලුවන් බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න. ස්ලාම් ආගමේ ෂාරියා නීතියට අනුව පොළී (ඒ කියන්නෙ අතිරේක පාරිතෝෂික - extra rewards) ගැනීම සපුරා තහනම්. ගත්තොත් අතක් පයක් නැතුව තමයි ඉන්න වෙන්නෙ. ඒක නිසා මේ forex trading වලට යොමු වෙච්චි ස්ලාම් ආගම අදහන බහුතරයක් ආකර්ශණය කරගන්න තමයි බ්‍රෝකර්ලා මේ වගේ swap-free accounts දෙන්න පෙලඹිලා තියෙන්නෙ. ඒක එහෙම උනත් swap-free එකවුන්ට් එකක් ගන්න බ්‍රෝකර් කෙනෙක් ආගමක් ගැන අහන්නෙ නැති නිසා අපි හැමෝටම අවස්ථාව තියනව මේ කරදරෙන් නිදහස් වෙලා swap-free account එකක් open කරගන්නට. මේ තියෙන්නෙ ඒ වගේ islamic accounts

http://www.icmarkets.com/…/trading-accoun…/islamic-accounts/

මේ currency market එකේදී අපි වගේ retail traders ලා ට හැමදාම ගෙවන්න වෙන දේවල් කිහිපයක් තියනවා. අපි trade එකක් open කරනකොට බ්‍රෝකර්ට spread එක ගෙවන්න ඕනෙ. ඊට පස්සෙ trade එක open වෙලා තියන හැම දවසටම swap එකක් ගෙවන්න ඕනෙ. (හැබැයි සමහර වෙලාවට විතරක් දෙයියනේ කියල ඒ පොළිය අපිට එකතු වෙනවා) ඉතින් මේ විදියට දාපු trade එකකට දවස ගානෙ swap එකක් අයකරගෙන බ්‍රෝකර්ලා පොහොසත් වෙනකොට intermediate/long term trade දාන අය ලොකු අමාරුවක වැටෙනවා. මම දාල තියන පින්තූරෙ බලන්න swap එකට කොච්චර හරියක් කරන්න පුලුවන්ද කියල. ඒක බලල අදහසක් අරගෙන ඇවිල්ල ඉතිරි ටික කියවගෙන යන්න.

ඇත්තටම swap එකක් හැදෙන්නෙ අපි open කරල තියන trade එකක් 17.00PM පහුකරනකල් (මේකට කියන්නෙ rollover time කියල. මේ වෙලාව බ්‍රෝකර්ගෙන් බ්‍රෝකර්ට වෙනස් වෙන්න පුලුවන්) තියාගෙන හිටියම අපේ borker ඒකට පොළී අගයක් එකතු කරන නිසා. අපිට මේ දේ අපේ account history එකේ පේන්නෙ නැති උනාට ඇත්තටම ඒ වෙලාවෙ සිද්ධ වෙන්නෙ අපේ trade එක close වෙලා ආයෙමත් open වෙන එක. ඒකට හේතුව තමයි එක එක රටවලට භාවිත කරන මුදල් ඒකක වලට වෙනස් පොළී අගයන් පවතින එක. එතකොට ඒ දවසට අදාල පොළී අනුපාත වලට පොළිය හදලා ඒක අපේ trade එකට එකතු කරලා trade එක ඊලඟ දවස වෙනකල් අරන් යනවා. ඊලඟ දවසේ ආයෙමත් ඒ විදියට පොළිය හදනවා. ඉතින් අපි trade කරන්නෙ currency pair එකක් නිසා ඒ currency දෙකේම පොළිය එකට එකතු වෙලා එන අගය තමයි swap කියල අපෙන් අය වෙන්නෙ හෝ අපිට එකතු වෙන්නෙ. මේ වෙනස ධන අගයක් හෝ සෘණ අගයක් වෙන්න පුලුවන්. තව දුරටත් පැහැදිලි කරනවනම් මේ පොළී අගය සෘණ නම් අපේ trade එකේ වටිනාකමෙන් ඒක අය කරගන්නවා, ඒක ධන අගයක් නම් අපේ trade එකට ඒ පොළිය pip අගයක් විදියට එකතු වෙනවා. අපි දාන trade එකකට පොලියකුත් ගන්න පුලුවන්නම් මරු නේද ;)

සාමාන්‍යයෙන් buy හෝ sell කරනකොට, පොළී එකතු වෙන විදියේ/අපෙන් පොළීය කපාගන්න currency pairs වෙන් කරල හඳුනගන්න අත්දැකීම් තියන traders ලාට පුලුවන්. currency වර්ග අතුරින් අපිට පොළී උපයාගන්න පුලුවන් currency වර්ග සාමාන්‍යයෙන්-

• AUD/USD (BUY කරනවිට)

• USD/JPY, EUR/JPY, GBP/JPY සහ වෙනත්/JPY pairs (BUY කරනවිට)

• USD/CHF, GBP/CHF සහ වෙනත්/CHF pairs (BUY කරනවිට)

මේ Currency pairs සහ අගයන් ඔයාලගේ බ්‍රෝකර්ගෙන් අහල දැනගන්න පුලුවන්. නැත්නම් බ්‍රෝකර්ගෙ වෙබ් සයිට් එකේ මේ විස්තර දාල තියනවා. මේ තියෙන්නෙ එහෙම උදාහරණයක්

http://www.icmarkets.com/forex-trading/trading-conditions/…/

ඔයාලට කරන්න තියෙන්නෙ පොළී අගය අඩු currency එකක්, පොළී අගය වැඩි currency එකකට විරුද්ධව buy කරන එක. සාමාන්‍යයෙන් ඉහලම පොළී අගයක් සහිත මුදල් ඒකක තමයි USD, GBP, AUD සහ NZD. අඩු පොළී අගයක් සහිත මුදල් වර්ග තමයි CHF සහ JPY. ඒ මුදල් වර්ග පාලනය කරන රටට පුලුවන් ඒවායේ පොළී අගය අඩු වැඩි කරන්න. ඒක නිසා හැම තිස්සෙම ඉහත සඳහන් කරපු ලැයිස්තුව නිවැරදි වෙන්නෙ නෑ. ඒක නිසා සැරින් සැරේ ගිහින් swap rates බලනඑක හොඳයි. ඒත් මෑත කාලයේදී නම් මම දන්න විදියට මේ මූලික ලැයිස්තුව වෙනස් වෙලා නෑ.

swap එක ගැන කතාකරනකොට දනගන්නම ඕනෙ දෙයක් තමයි අපි මේ පොළී එකතු වෙනවට තියන බය, අපිට විරුද්ධවම වැඩ කරන්න ඉඩ තියන බව. වැඩි අත්දැකීම් නැති traders ලා rollover time එක පහු කරල trade එක තියාගන්න බයයි. මොකද ඒකට පොළී එකතු වෙනව කියල බය වෙලා ඉන්නෙ. එක trade එකක් දවස් 3,4ක් දාලා තිබුනොත් එන්න එන්නම වියදම වැඩි වෙනවා. පොළී එකතු වෙන නිසා. සති අන්තෙක වගේ trade එකක් hold උනොත් දවස් තුනකට විතර පොළිය ගෙවන්න වෙන අවස්ථාවල් තියනවා. ඉතින් ඒ මනුස්සයා කරන්නෙ පොළිය එකතු වෙන එක වලක්වගන්න short term trades දාන්න පටන් ගන්නවා. පොඩි time frames වලට හුරු වෙනවා. ඒ නිසා හැම trader කෙනෙක්ම තමන් trade කරන currency pairs වල ධන පොළී අගයන් සහිත pairs හඳුනාගෙන ඉන්න එක ගොඩක් වැදගත්. අපි බලමු කොහොමද ඒක හොයාගන්නෙ කියල.

quote currency (ඒ කියන්නෙ GBPJPY වල නම් JPY) එකට වඩා වැඩි පොළී අගයක් සහිත base currency එකක් ( ඒ කියන්නෙ GBPJPY වල නම් GBP) buy කරනවනම් ඔයාලට ධන අගයක් සහිත පොළී අගයක් ලැබෙනව. ඒ කියන්නෙ පොළිය ඔයාලගේ account එකට එකතු වෙනවා. අනිත් අතට base currency එකට වඩා වැඩි පොළී අගයක් තියන quote currecy එකක් තියන pair එකක් buy කලොත් ඔයාලගෙන් පොළිය කපා ගන්නවා. උදාහරණයක් විදියට japan interbank interest rate එකට වඩා UK interbank interest rate එක වැඩි වෙලාවක ඔයාල GBPJPY buy කරනවනම් දවස අවසානයේදී rollover එක ගණනය කරන වෙලාවට ඔයාලට පොළීය හම්බවෙනවා. UK interbank interest rate එකට වඩා japan interbank interest rate එක වැඩි වෙලාවක ඔයාල GBPJPY buy කලා නම් දවස අවසානයේදී ඔයාලට පොළිය ගෙවන්න වෙනවා. sell කරනකොට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. තේරුනද මන්ද :3

මෙතනින් ගිහින් එක එක රටවල අදාල මුදල් ඒකක වල interbank පොළී අනුපාත බලාගන්න පුලුවන්.

http://www.worldinterestrates.info/

අපි ආයෙත් උදාහරණයක් බලමු.

හිතන්න දැන් EUR වල පොළී අනුපාතය 3.25% යි. USD වල පොළී අනුපාතය 1% යි. මේ විදියට තියනකොට ඔයාල EURUSD currency pair එක buy කලොත් එන්නෙ ධන swap අගයක්). ඒ කියන්නෙ ඔයාලට පොළිය හම්බවෙනවා. ඔයාලා EURUSD sell කලොත් සෘණ swap අගයක් එන නිසා ඔයාලට පොළිය ගෙවන්න වෙනවා .

තව උදාහරණයක් විදියට EURUSD buy trade එකක් දාල තියනකොට rollover time එකේදි swap එක ගණනය කරන හැටි බලමු.

EUR interbank interest = 3.25%

USD interbank interest = 1.0%

EUR buy කරනකොට ඔයාට 3.25% පොළියක් හම්බ වෙනවා.

USD sell කරනකොට ඔයාට 1.0% පොළියක් ගෙවන්න වෙනවා.

එතකොට මුලු එකතුව 3.25% - 1.0% = 2.25%

ඒ කියන්නෙ ධන අගයක්. ධන අගයක් කියන්නෙ පොළිය ඔයාලට හම්බවෙනවා කියන එක. සරළයි. නෙහ්?

Technical analysis

Trade එකක් open කරන්න කලින් මාකට් එක analysis කරන්නේ මෙහෙමයි

Aud / usd trade  up trend එකට trade කරනවා කියලා හිතමු.

  • Trade එකට ආරම්භය ගන්න ඕනෙ උදේ. මොකද, මාකට් වෙන්නේ අපේ රටේ වෙලාවෙන් උදේ පාන්දර නිසා. (Market session)
  • Aud  වල fundamental පැත්ත strong ද කියලා බලන්න ඕනේ. ඒ වගේම usd වල අනිත් පැත්ත,  (ඒ කියන්නේ usd weak )
  • Aud currency එකට වෙන පාරවල් වලින් වලට වාසි වෙනවද කියලා බලන්න ඕනේ. Gold strong වෙනවද කියලා බැලුවනම් තවත් ටිකක් හිතට ෆිට් එකක් එනවා. මොකද gold වල effect එක aud වලට ගොඩක් බලපානවා
  • ඊට පස්සේ market sentiment.  ඒ කියන්නේ market structure levels, support   ලයින් වල සෙට් වෙන chart pattern or candlesticks signals
  • අපි දාන එකේ risk එකට වඩා වැඩි profit එකක් එනවද කියලා බලන්න ඕනෙ. එහෙම නැත්තම් දාන trade එක මෙලෝ රහක් නැති වෙනවා. මොකද risk and reward කියලා දෙකක් forex වල තියෙන්නේ forex trading කියන්නේ business එකක් නිසා. පොඩි ගානක් අවදානමට දාලා ලොකු ගානක් හම්බ කරන එක තමයිforex business එකක් කරල බලාපොරොත්තු වෙන්නේ.
  • අන්තිමට ඉතින් දෙයියනේ කියලා Trade එකට enter වෙන්න පුලුවන්.

මේ ක්‍රමය ගොඩක්ම scapler ,inter-day trader සහ swing trader කියන කොටස් 3ට අයත් වෙන අයට වාසි සහගතයි.

Currency strength

      Currency strength කියන්නේ ගොඩක් අය ඉන්ඩිකේටර් භාවිතා කරලා හොයාගන්න දෙයක්. ඒත් ඒක මේ අපි ට්‍රේඩ් කරන platform එකෙන්ම හොයාගන්න ලේසිම විදියක් තියෙනවා. major currency pairs ටික ඒ කියන්නේ euro/usd , gbp/usd , aud/usd , nzd/usd , usd/cad , usd/jpy daily time frame එකෙන් ඔයාලට පහසුවෙන් බලාගන්න පුලුවන් විදියට හදාගන්න. ඊට පස්සේ පොඩි කොලයකුයි පෑනකුයි අරන් ගෙවෙන දවස ඇතුලත එක් එක් currency pair එකක move වුන පිප්ස් ගාන ඒ කොලේ ලියාගන්න,

ඊ ලඟ step එක, ඔය currency pairs ටික (pips move වුන පිලිවෙලට) ආරෝහණ හෝ අවරෝහණ පිලිවෙලකට ලියාගත්තනම් ඉතින් ඒ දවස ඇතුලත තියෙන currency strength එක බලාගන්න පුලුවන්.

ex: euro/usd( high to low) buy 130 pips.,

      gbp/usd (high to low) buy 150 pips

මේ විදියට ඔයාලට කැමති time frame එකකින් කැමති කාලයක (1h, 4h, daily. weekly, monthly) තියෙන currency strength එක ලෙසියෙන්ම බලාගන්න පුලුවන්.

මේ ටිකෙන්ම minor currency pairs වලත් currency strength එක බලාගන්න පුලුවන්. දැන් මෙහෙම හිතමු aud/usd පිප්ස් 100ක් buy වුනා කියලා, nzd/usd පිප්ස් 130ක් buy වුනා කියලා, ඉතින් ඒකන් අපිට නිගමනය කරන්න පුලුවන් nzd එක aud වලට වඩා strong කියලා

Stop loss and Take profit

ට්‍රේඩ් එක දැම්මා කියහන්කො දැන් ඉතින් stop loss , take profit දාන්නේ කොහොමද? ආයෙ හිරවුනා. ඒක කරන්නේ මෙහෙමයි. අපි දන්නවා දැන් ට්‍රේඩ් එක open කරන්නේ support හරි resistance හරි එකකින් candlestick or chart pattern signal එකක් බලලා කියලා.

Sell stop loss and take profit.

sell target levels.JPG

ඔයාල දැන් sell කරලා තියෙන්නේ stop loss දාන්න විදියක් තියෙනවා. එන්ට්‍රි ගත්තු Resistance level එකට 5 pips උඩින් සෙල් එකකට Stop loss දාන්න පුලුවන්. Take profit දාන්න විදි දෙකක් තියෙනවා. හැබැයි ඒක තමන්ගෙ trading style එකත් එක්ක වෙනස් වෙනවා. Scapler හෝ inter-day නම් එකක් තමයි ලඟම තියෙන lower low එකකට හරි minnor or short term support level එකකට හරි take profit එක දාන්න පුලුවන්. එත් ඔයා swing හරි position  හරි  ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ කියන්නේ ලොකු කාලයක් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවනම් ස්ට්‍රොන්ග් ම structure or support ලෙවෙල් එකකට  take profit දාන්න ඔනේ. මොන මගුලෙ විදියට take profit දැම්මත් ඔලුවෙ තියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි spread එක. Target level එකෙන් spread එක අඩු කරලා තමයි ඔයාගෙ නියම Take profit ලෙවෙල් එක තියෙන්න ඔනෙ

Buy stop loss and take profit

buy take profit area.JPG

ඔයාල දැන් buy කරලා තියෙන්නේ stop loss දාන්න විදියක් තියෙනවා. එන්ට්‍රි ගත්තු Support level එකට 5 pips යටින් buy එකකට Stop loss දාන්න පුලුවන්. Take profit දාන්න විදි දෙකක් තියෙනවා. හැබැයි ඒක තමන්ගෙ trading style එකත් එක්ක වෙනස් වෙනවා. Scapler හෝ inter-day නම් එකක් තමයි ලඟම තියෙන higher high එකකට හරි minnor or short term resisntance level එකකට හරි take profit එක දාන්න පුලුවන්. එත් ඔයා swing හරි position  හරි  ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ කියන්නේ ලොකු කාලයක් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවනම් ස්ට්‍රොන්ග් ම structure or resistance ලෙවෙල් එකකට  take profit දාන්න ඔනේ. මොන මගුලෙ විදියට stop loss දැම්මත් ඔලුවෙ තියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි spread එක. target level එකෙන් spread එක අඩු කරලා තමයි ඔයාගෙ නියම Take profit ලෙවෙල් එක තියෙන්න ඔනෙ

මෙතනින් එහාට කඩ්ඩ පුලුවන් අය කාටවත් කාගෙවත් උදව්වක් ඕනෙ නැතිවෙයි කියලා හිතනවා. ඒත් කඩ්ඩ බැරි මම වගේ උන්ට උදවවක් වෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් බ්ලොග් එකක් කරන්න කියලා ඉල්ලනවා. bloomberg , forexcrunch,  පැත්තෙ තියෙන පෝස්ට් ට්‍රන්ස්ලේට් කරලා blog එකක් කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

එහෙනම් හැමෝටම ජය වේවා.

මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. කොපි කරනවනම් මගේ නමත් දාපන්. කිසි අවුලක් නෑ. එක්කො ජානා නැත්තම් ආයුබෝවන් ෆොරෙක්ස්